Tuesday, November 18, 2014

අන්න බලන් කුමරිය මනමේ... තනි වී ඇත හිම ගිරි අරණේ...



හිත ඉල්ලන ආදරේ ගොඩක් ඈතයි වගේ..
හැම දේම ලැබුනත් මොක්දෝ අඩුවක් හිතට දැනෙනවා..
ජීවිතේ කොටු වෙලා වගේ..
තනිකම පාලුව විතරයි අද මගේ ලග..

මනමේ කුමරි දුක හිතෙන ඉස්ටේටස් එකක් අප්ඩේට් කලා..

ධනයට බලයට පෙනුමට වැදි රජා එක්ක ආවට.. 
මනමේ කුමරිගෙ සියුමැලි හිතට ගතට.. වැදි රජාව ගැලපුන් නෑ..

මනමේ කුමරි මනමේ කුමාරයගෙ ප්‍රොෆයිල් එකට ලොග් වුනා..
රික්වෙස්ට් එකක්.. මැසේජ් එකක් යවන්න බයයි.. 
මනමේ කුමරිගෙ හිත ගොඩක් වද දුන්නා. එයා ලොකු වැරැද්දක් මනමේ කුමාරයට කලේ..

එදා මනමේ කුමාරය මැරෙන්නත් තිබුනා.. මනමේ කුමාරය කොහොමද බේරුනේ කියලවත් අදහක් කුමාරිට අද නැහැ.
මැසේජ් එකක් යවල අහනත් බයයි..

වැදි රජා එයාගේ භවනේ වැඩිය ඉන්නෙ නෑ.. මනමේ කුමරි ෆේස් බුක් වයිබර් ස්කයිප් වලින් තමයි දවස ගෙවා ගන්නෙ.
හිටි ගමන් ලැවෙන්දරා මල් යාය මැදින් උයනට ගිහින්.. මනමේ කුමාරයගෙ මතයන් එක්ක අයිපොඩ් එකෙන් සිංදුවක් අහන් ඉන්නවා.

මනමේ කුමාරය ලස්සන ‍ෆොටෝස් එෆ්බී දානවා.. මනමේ කුමරි ගැන මතකයක් එයාට නැහැ වගේ... 

එදා මනමේ කුමාරය ගොඩක් තුවාල වෙලා කැලේ වැටිල ඉන්න කොට.. කැලේ බෙහෙත් පැළෑටි හොයන්න ආපු වෙද රාළගෙ
දුවට කුමාරයව හම්බ වුනා.. වෙද රාළගේ දුව කොහොම හරි කුමාරය බේර ගත්තා.. 
වෙද රාළගෙ දුවයි.. කුමාරයයි දැන් හොද යාලුවො.. 

කෝක වුනත් වැදි රාජා කුමරිට ගොඩක් ආදරෙයි.. ඒත්.. 
මනමේ කුමාරයාගෙ නැවුම් මටසිලුටු ආදරේට තමයි කුමරි දැන් කැමති.. 
මනමේ කුමාරය එක්ක ගත කරපු පුංචි කාලේ මතයන් වලට තමයි එයා ගොඩක් ආදරේ.. 
මනමේ කුමාරයගේ පෝස්ට් බලන්න තමයි කුමරි ගොඩක් කැමති..
සමහර ඒවට කුමරිට තරහත් යනවා. ඒ තරමට කුමරි හිතින් දැන් කුමාරය එක්ක

මොනදේ වුනත් මනමේ කුමරයට බැහැ එයාගේ පළවෙනි ආදරේ අමතක කරන්න.. 
මනමේ කුමරි වැදි රජා එක්ක සතුටින් ඇති කියලා හිතල එයා සතුටු වුනා..
අමතක කරන්න උත්සාහ කලා...

ලස්සන නොබැම්බරේ ලබන්න ටික දවසයි.. ඔක්තොබරේ අන්තිම දවසක්...

මනමේ කුමරයට මනමේ කුමරිගෙ එෆ් බී ප්‍රොෆයිල් එක හම්බ වුනා...
පින්තූර කිහිපයක් හැරෙන්න ගොඩක් ඒවා යාලුවන්ට විතරක් පේන්න හදල තිබුනේ..
මගේ යාලුවො එයාගෙ යාලුවො වෙලා... ඒත් මට ඇත්තටම දුක හිතුනා මනමේ කුමාරයට..

වැදි රජා එක්ක සතුටින් ඉන්න පින්තූර එයා දාලා.. තවත් දුක් වෙන්න හේතුවක් නෑ..

ලස්සන නොවැම්බරේ පළමු වැනිදා... එදා තමයි.. ඔව් මනමේ කුමාරයට කවදාවත් අමතක නොවෙන දවසක්...

මනමේ කුමාරය මැසේජ් එකක් යැව්වා.. ඒත රිප්ලයි ආවෙ නෑ.. 

කමක් නෑ.. 

ඒත් ටික දවසකට පස්සෙ... 

ඔව් හැමදේම වෙනස්වුනා... ගොඩක් ලස්සන විදියට...

කාලය ගෙවී ගෙන යනවා....... හිර වෙලා තිබුනු සතුටක් නිමක් තෙරක් නැතිව පිටාර ගලනවා...

පරණ නවත්තපු තැනකින්.. කතාව අලුතින් ලියවෙනවා.. 

මේ කතාවෙ අවසානය.. 

තව ලියන්න ඕන නෑ.. මෙතනින් පස්සෙ සිදු වෙච්ච හැම දේම.. ලෝකෙට රහසක්..  සහ ඉදිරියට සිද්ධ වෙන හැමදේම..

0 comments:

Post a Comment

 

Popular Posts

Follow us