Tuesday, November 18, 2014

කොහොම අමතක කරන්නද ඔයා..

ඉර බටු තරුව කියන්නෙ සිකුරු තරුවට.. 
වන පෙත් ඉහලින්.. කදු මදුන් මතින්.. සිකුරු තරුව පායල.
ජීවිතයට සිකුරු තරුව පායල.. ඒ කියන්නෙ (දන්නවනේ?)
මේක ඉතින් දුක හිතන්න ඕන දෙයක් නෙමෙයිනේ
ඒත් සිකුරු තරුවෙන් පාට වැටිච්ච මේ හැන්දෑවේ මට දුක හිතෙනවා...
මට කෙනෙක්ව මතක් වෙනවා.. 

තරු පිරිවාරාගෙන හද පායල තියන ලස්සන රැයක්..
පුංචි වලාකුලක් ඇවිත්.. හරියට හද වලාකුලට මුවා වෙලා කවි කියනවා වගේ..
කොච්චර ලස්සනද.. 
ඒත් සද කවි කියන මේ ලස්සන රෑත්.. මගේ ඇස් කදුලින්......
එයා මාව අඩවනවා..

ඒ අතීතය ගොඩක් ලස්සනයි...
ජීවිතේ නැවුම් ආදරේ... 
කිලුටක් නැති.. කැලලක් නැති අහිංසක හදවතින්
මං වින්ද ඒ ආදරේ කොහොම අමතක කරන්නද
එයාගේ ඒ කටහඩ.. ඒ කියපු දේවල් අදටත් මට මතකයි..
මං ඒ අතීතයෙ නවතිනවා
ඒ ලස්සන කෙල්ලගෙ අතීතයේ මම නවතිනවා

ඈත වන පෙතින්
දුර සීත කදු මතින් 
ඉර බටු තරුවේ සිනාසී
දුක හිතෙනා හැන්දෑවක
කවුරුදු මට සිහිවෙන්නේ..






0 comments:

Post a Comment

 

Popular Posts

Follow us