Friday, March 20, 2015

වැටකේ මල් සුවද දිගේ....

මෙ හැන්දෑවෙ සීතල මුහුදු සුලග මුලු උස්සන්ගොඩම සීතල කලත් පිච්චෙන මගේ හිතට සිසිලක් දැනෙන් නැහැ.. ඉස්කොලෙ කාලෙ ඒලෙවෙල් පංති යද්ද ඔයගෙ අතින් අල්ලන් මෙ ලස්සන වෙරලෙ ඇවිදපු හැටි.. සීතල වැටකේ හෙවෙනෙ ආදරෙන් තුරුලු වෙලා හිටි හැටි මේ රත්තරන් පාට වැලි කැටත් දන්නවා ඇති.


ලස්සන හීන ගොඩක් හැබෑ කර ගන්න හිතල තමයි මන් ඔයාගෙන් ඈතට ගියේ.. ලැබෙන හැම නිඩාඩුවටම මට ගමට එන්න එකම එක හේතුවයි තිබුනේ.. ඒ මගේ චූටි නංගගෙ මූන බලන්න විතරයි.. මගේ ආදර මාලිගාවෙ පුංචි කුමාරි.. මෙදා සැරෙත් මං ගමට ආවෙ ඒ ලස්සන බලාපොරොත්තුවෙන්ම තමයි..
ඒත් මගේ පුංචි කුමාරි වෙන කෙනෙක්ට අයිති වෙලා.. කමක් නැහැ.. ඔයාගෙ මතකයන් පිරිච්ච මේ වැටකේ පදුරක් ලග තනියෙන් ඉන්නකොට දැනෙන වැටකේ මල් සුවද ඔයා මගේ ලග තුරුල් වෙලා ඉන්නකොට දැනුන සුවද මතක් කරල දෙනවා.. ඇස් වලින් වැටෙන කදුලුත් එක්ක හැමදෙයක්ම උස්සන්ගොඩ ලස්සන මුහුදට එකතු කරල
බොදවෙච්ච හීන ප්‍රාර්ථනා හදවතින් විදගන්නම්.. ඔයා සතුටින් ජීවත් වෙන්න........







උස්සන්ගොඩ කදු මුදුනට සිසිල ගෙන දෙන
සන්ධ්‍යාවේ සුලගත් මට නොදෙයි සැනසුම
සිත්තම් කර සිත ලග සුන්දර පෙම් සිහින
දුක් දෙන්නට නපුරු වුනේ නුබ මට කොහොම....

මේ සිංදුව හරියට මටම කියන එකක් වගේ.. මේ සිංදුව ඇහෙද්දි ඔයාගෙ හැම මතකයක්ම මට දැනෙනවා.. මං මේ ලෝකෙ විදන්න කැමති ඒ වේදනාව විතරයි.. මං ඒ වේදනාවට හැමදාමත් ආදරෙයි....




0 comments:

Post a Comment

 

Popular Posts

Follow us