Tuesday, November 18, 2014

ඇත්තමයි ආදරේ නෑ.. ඒත්... ඔයා දකින කොට මාව Fire වෙනවා කෙල්ලේ

දුටු මුල් දිනේම
හිත පතුලෙම රැදිච්ච
ලස්සන මතකය ඔයා...



මගේ වගේ දැනුනු..
කවදාවත් මගේ නොවුනු.. 
ජීවිතේම ආස කරපු
උමතුව ඔයා...



හීතල හදවත
ලං වෙලා පිච්චෙන්න ඉල්ලන
පහන් සිල ඔයා

දගකාර දෙතොල් මට
හීනියට රිද්දන්න..
ඉඩ දුන්නෙ ඔයා..


උනුහුම සුවද රස
ලොවට හොරෙන් මට
අගේ කර කර දුන්නු
රෝස මල ඔයා


දගකාර හිතට මගෙ
සංයමය කියල දෙන
නපුරු රෝස කටු පදුරත් ඔයා


තව එකම එක සැරයක්
ලං වෙලා පිච්චෙන්න.. 
පෙරුම් පුරන හිත.. 
පාලුවෙ ඇස් පියන්.. 
සොයන ඒ රස සුවද 

ඔයා





0 comments:

Post a Comment

 

Popular Posts

Follow us