Tuesday, November 18, 2014

මං ඔයාට ආදරෙයි... ඒත් මට යන්න වෙනවා...


නැවක් සහ පහන් කණුවක් කියන්නෙ එකිනෙකට ලොකු සම්බන්ධයක් තියන දෙයක්.. 
එත් නැවකට බෑ කවදාවත් පහන් කණුවකට ආදරේ කරන්න.. 

සුපෙම් හැගුම් ඔබෙන් එපා මිතුරු දම් විනා...
නෞකාවකි ඔබ ඈත සමුදුරේ...
මා පහන් ටැබයි මෑත ගොඩබිමේ.

ඔයා කවදාවත් මට ආදරේ කරන්න එපා.. මේ යාලුකම අපිට හොදටම ඇති.. 
අපිට වෙන් වෙන්න බැහැ.. අපි අතරෙ බැදීමක් තියෙන්න ඕන.. 
අන්න ඒකයි මං ඔයාට කියන්නෙ.. යාලු කම හරි තියාගමු කියල.. 
මන් දන්නවා නැවකට බැහැ පහන් කණුවක් නැතිව ගමන යන්න..

මේ ජීවිතය කියන ගමන හරිම දුෂ්කරයි.. හරියට භයානක රාත්‍රියක තරු එළියෙන් යන ගමනක් වගේ
බොහොම සිහි කල්පනාවෙන් යන්න ඕන.. 
ඒ ගමනට මගේ ආදරේ ඔයාට භාදාවක්...
මොකද... නැවක් පහන් කණුවකට ආදරේ කලොත්... කවදාවත් ඒ නැවට ගමනාන්තයට යන්න බැරි වෙනවා..
ගමනාන්තයට යන්න නම් පහන් කණුව දාලා නැවට යන්නම වෙනවා.. 
කවදාවත් මට අයිතිවාසිකම් කියන්න.. මගේ වෙන්න බෑ ඔයාට.. 
මේ සිහිනය අමතක කරන්න වෙනවා.. 

ඔයා නැවක්.. ඔයාට නිදහස තියනවා මේ මහා සාගරේ ඕන තරම් දුර යන්න.. 
ඕන පහන් කණුවකින් පාර අහ ගන්න.. 

හදවතේ හැගීම් යටපත් කර ගෙන බුද්ධියට ඉඩ දුන්නත්.. මගේ හිතට දුකයි.. 
මගේ ජිවිතේ තනිකඩයි.. මට ඔයාගේ ආදරේ එපා කියන්න ශක්තියක් නෑ.. 
ඔයා නොපෙනී ගියාම මම ඉකිබිදිනවා.. ඒ පාලුව හරිම වේදනාවක්..

මං බලන් ඉන්නවා.. ඔයා ආයෙත් ඈතින් මතු වෙනකම්... 

ඇත්තටම.. මගේ හිතේ තියෙන්නෙ... ඔයා ගැන යාලු කමක් විතරද.. 





0 comments:

Post a Comment

 

Popular Posts

Follow us