Saturday, May 5, 2012

කලු කුමාරයා...........

කාන්තාවන්ට වින කරන කලු කුමාරයා ගැන



      කලු කුමාරයා යනු භූත කොට්ටාසයට අයත් යක්ෂයෙකි.. මො‍හුගේ උපත ගැන නොයෙක් මති මතාන්තර සමාජය තුල පවති..
     ඉන්දියාවේ විශාල රජ මාලිගයක ජීවත් වූ  කුමරියකගේ පලමු මල් වරයෙන් කිලිටි වූ රෙද්දක් හෝදනවා දැක ඇගේ ආදරය පතා එය ලබා ගැනීමට නොහැකි වූ කල සිය දිවි නසා ගත් තැනැත්තෙක් පසුව කලු කුමාරයා නමින් යක්ෂයකු වී ඉපදුනු බවට එක මතයක් ඇත..
      මෙය කලු කුමාරයාට දොළ, පිදේනි, පුද තටු පුදන විට රොඩී බිසවුන්වහන්සේ කෙනෙකු සදහා පුද තැබීමෙන් අපට එය පිළිගත හැකිය..



     මොහු ඉන්දියාවේ එක්තරා පළාතක රජ කල නාගමාල නම් තම පියා මරන්නට නාන පොකුනේ උල් හිටවු බවත් එය නිෂ්ඵල වී පියා මරණයෙන් බේරුනු නිසා කන්දකින් පැන සිය දිවි නසා ගෙන පසුව කලුකුමාරයා වී ඉපදුනු බවද සදහන් වෙයි.. එය යාග හෝම කරන විට ගයන කවියකින් පැහැදිලි වේ..

                   පසන් නාග මාලය පිය නර      නින්දා
                   තමන් හට නොදී රජ කරනා     හින්දා
                   මරන්නට නාන පොකුණේ උල් ඉන්දා
                   සිටින්නට නූනි මෙනුවර මේ    සන්දා




         මහා වංශයේ සදහන් පරිදිත් මාහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ කියමනකට අනුව වැලිගම්පුර රාජකුලවඩන විහාරයේ ඇති සෙල්ලිපියේ සදහන් පරිදි බුවනෙකබාහු චක්රවර්ති මහෝත්මයන් 6 වන වර්ශයේදි රජවූ බවත් ඒ අනුව ඔහු ඉන්දියාවේ විලොඩි ප්රදේශයෙන් පැමීණි බවත් බිසව දෙමළ මාලාවූ බවද තද කලු පාට නිසා කලු කුමාර නම් වූ බවද කියවේ. කොඩ්රින්ටන් මහතාගේ මතය අනුව ඔහු විසූ මානවලුපුරය උඩරො‍ටේ, පල්ල රොටේ යන පරිවාරයෙන් යුතු ගම්දනව් ඇතුලුවූ බව කියවේ.
          ඔයු විසු උස් ගොඩනැගිල්ල උයන්ගොඩ ආභරණ ඇල්ලට කිට්ටුය. ඒ කාලයේ ඇති වූ කැරැල්ලක් මැඩ පැවැත්වීමට යාමේදී තමා පැරදුනොත් කලු කොඩියක් ඔසවන බව කියා පිටව ගොස් කැරැල්ල පහසුවෙන් මැඩලා බිසෝවරුන්ට විහිලුවක් කිරීමට සිතා කලු කොඩිය ඔසවාගෙන පැමීණීයේය... මෙය දුටු බිසොවරු ලගම තිබු ඇල්ලට පැන සිය දිවි නසා ගත්හ.. එම බිසොවරු ආභරණ පිටින්ම ඇල්ලට පැන්න නිසා එම ඇල්ල ආභරණ ඇල්ල ලෙස හැදින්වූ බවද සදහන්.. තවද එම බිසොවරුන් යක්ෂනියන් වු බව පැ‍වසේ..
   මෙම බිසොවරුන් හත් දෙනා කොණ්ඩමාල, ගිරිමේඛල, ඕංකාර, රතනපාල, මුදුන්මාල, ධර්මපාල, නාගමාල, නමින් හැදින්වේ.. මේ හැර කලු කුමාරට බිසොවරුන් 32 ක් සිටි බව සදහන් වේ..
  අධික කාමයෙන් අන්ධ වූ කලු කුමාර ආත්මයෙන් ආත්මයට මෙසේ යක්ෂයෙක් වී කන්තාවන් පසු පස සිටි..


   වෙසමුණි රජුගෙන් වරම් ලබා කලු කුමාර තරුණියන්ට බැල්ම හෙලන තැන් වන්නේ..
         නාන ලිං තොට, පීල්ල ලග,  රූස්ස ගස් යට,  කිරිගස් යට,  මංසැල් වල,  රදා තොටුපල වල,  පාලු ගෙවල්,  පනින පිම්මකදී,  බෙර සද්දයකදී,  ගල් අරණකදී,  පුලුටු, මස්, බිත්තර බැද කා යන අවස්ථා වල සහ  ඇදුම් ගලවන හො අදින අවස්ථා ය.











  කලු කුමාර දිශ්ඨිය වැ‍ටුනු විට පෙන්වන ලක්ෂණ නම්


   උණ ගතිය, ඔල්මාදය, විකාර දෙඩවීම, තනිව සිටීමට ලැදියාව ආදිය වේ..
         කලු කුමාරයා මල්වර ගැහැණු ලමයිට විශේෂ ගිජු කමක් දක්වයි..
මල්වර ගැහැණු ලමයි ගෙයන් පිටතට යෑමේදි යකඩ කැබැල්ලක්, ගිරයක් අතට දෙනනෙ කලුකුමාර බැල්මෙන් ආරක්ෂා වීමටය.

                        
                       මල්වර වෙලා ඉස් නානට යන            ගමනේ
                       මනකල් වෙලා හඩ තලමින්          නානතුනේ
                       මල්වර තරුණ අගනන් දැක         අල්ලමිනේ
                       ඇල් නොව රකින් ආතුර කලු       කුමරුවනේ 


කලු කුමාරයා දරුවන් වදනවාටද කැමති නැත.. ඒ නිසා ගැහැනුන් වද භාවදට පත් කර දරු ගැබත් විනාස කරයි..


                    තරුණියන් කලු කුමාර යක්ෂයාගේ බැල්මෙන් බේරිමට නම්


         සදාචාර සම්පන්න විය යුතුය..
         අශොභන හැසීරීම් වලින් වැලකිය යුතුය..
         තනිමග යෑම කෑකෝ ගැසීම ‍නොකල යුතුය..
         දුටු තැන ඇදුම් මාරු කිරීම නොකල යුතුය..
         තොටුපල ලිද ලග අවේලාවේ ගැවසීමෙන් වැලකිය යුතුය..
         පුලුටු කෑම කා ගමන් යෑමෙන් වැලකිය යුතුය..




කලු කුමාර දිස්ඨිය තදින්ම ඇති වූ විට ඇදිවත උනා දමා පිරිමින් වැදල ගන්නා තරමට ඔල්මාදය ඇති‍ වන බව සදහන්ය


  කලු කුමාර යක්ෂ බැල්ම නැති කිරීමට


        කලු කිකිලි බිත්තරයක් ගෙන, ලෙඩාගේ ඇගිල්ලෙන් ලේ ටිකක් ද ගෙන, කලු කුකුලු පිහාටු පුලුස්සා එයින් අනා, බිත්තරයේ රූපහ ඇද, කිකිලියට උඩින් පැන, බිත්තරය සොහොනක් උඩ බිදීමෙන් දිෂ්ඨිය පහව ගොස් යන්තර මන්තර බෙහෙත් තෙල් ආදියෙහි බලයෙන් දෝෂය පහව යන බව සදහන්..




(2011 වසරේ පලවූ පුවත්පතක පලවූ ලිපියකින්  ලබා ගත් කරුණූ ඇසුරින්)
                      










0 comments:

Post a Comment

 

Popular Posts

Follow us